
(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද ( 22) අඅලුයම කඩා වැටී තිබෙන ගල්පර්වත පස්කදු ඉවත් කිරීම තවදුරටත් සිදු වන අතර මේ නිසා බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔහිය දුම්රිය අධීක්ෂණ කළමනාකරු එන්.සී.මනමේන්ද්‍ර මහතා ඇතුලු දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දියතලාව යුදහමුදා කදවුරේ හමුදා සෙබළුන් එකතු වී මෙම අවදානම් ගල්පර්වත පස්කදු ඉවත් කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය .
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය , බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන උඩරට මැණිකේ , පොඩිමැනිකේ දුම්රිය දැනට මෙම ස්ථානයෙන් ප්‍රමාද වී ඉතා අවධානම් සහිතව ධාවනය වූ බවත් , කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩිමැනිකේ දුම්රිය දැනට අබේවෙල දුම්රිය ස්ථානයේදා, මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය ඔහීය දුම්රිය ස්ථානයේද, බදුල්ල සිට මහනුවර බලා ධාවනය වන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ද මේ වනවිටත් නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .


