
(සමන් පාලිත නානායක්කාර ප්‍රසාද් රුක්මල් සහ ශාන්ත චන්ද්‍රසිරි )
කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට අද (19 ) අලුයම හපුතලේ පංකැටිය එකසිය පනස් අටවෙනි කිලෝමීටර කණුව ආසන්න ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ දැනට නවතා ඇති අතර එම දුම්රිය ධාවනය බොහෝ ප්‍රමාදවනු ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත අනිකුත් සියලු දුම්රියන්ද ප්‍රමාද වී ධාවනය වන බවද දුම්රිය පාලක මැදිරිය කියයි.
දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති පස් කඳු ඉවත් කිරීමට දුම්රිය මාර්ග සේවකයින් මේ වන විටත් අවශ්‍ය පියවර ගනිමින් ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

