උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට


( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිරතාවකට ලක්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

අද (31) පෙරවරුවේ කොටගල හා තලවකැලේ දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවති බවත්, මේ හේතුවෙන් උඩරට මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය කරවීමට සිදු වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.