උඩරට දුම්රිය දියතලාවට පමණයි


(මහින්ද නිශ්ශංක)

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු කොළඹ කොටුව සිට දියතලාව දක්වා සීමාකර ඇතැයි දුම්රිය පාලක කාර්යාලය පවසයි.

බණ්ඩාරවෙල හා දියතලාව අතර මාර්ගයට පෙරේදා (4) රාත්‍රී විශාල පස්කඳු කඩා වැටී මීටර් 150 ක් දුරට මාර්ගය යටවීම හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරිමට සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දක්වා ද දුම්රිය ධාවනය කෙරෙන අතර දියතලාව හා බණ්ඩාරවෙල අතර මගීන් බස් රථවලින් ප්‍රවාහනය කෙරේ.