(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය දූපත් සමූහයට අයත් උච්චිමුණේ දූපතේ පදිංචි සාම්ප්‍රදායික ධීවර ප්‍රජාව සිය ඉඩම් අයිතිය වෙනුවෙන් ඔප්පුවක් හෝ බළපත්‍රයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිති.
අක්කර එක් දහස් දෙසියයකට ආසන්න භූමි භාගයකින් සමන්විත මෙම දූපතේ ධීවර පවුල් 300 ක් පමණ වෙසෙන අතර රජයේ පාසැලක්,ළදරු පාසැලක් සහ කතෝලික පල්ලියක් ද වෙයි.
කල්පිටිය නගරයේ සිටි කළපුව ඔස්සේ කිලෝ මීටර දොළහක පමණ දුරින් පිහිටි මෙම දූපතට, වැලි සහිත ගොඩබිමින් ළගාවන්නේ නම් කිලෝ මීටර 24 ක් පමණ වෙයි.
කීරි මුන්දලම දූපතේ සිට නාවුක හමුදා කදවුර දක්වා බිම් කඩ උච්චිමුණේ දූපත ලෙස සැලකේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ කල්පිටිය සංචාරක කලාපයේ ප්‍රාදේශීය නිළධාරී මනෝජ් රත්නායක මහතා මේ පිළිබදව මෙසේ පැවසීය.
උච්චිමුනේ දූපත සංචාරක සංවර්ධන අධිකාරීයට නිදහස් දීමනා පත්‍රයක් මගින් පවරා දී දී තිබෙනවා.කෙසේ වෙතත් අනාදිමත් කාලයක සිට උච්චිමුණේ දූපතේ දිවි ගෙවන සාම්ප්‍රදායික ධීවර ප්‍රජාව ඉන් ඉවත් කිරීමක් කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ.
මෙයින් සාමන්‍ය ජන ජීවිතයට කිසිදු බළපෑමක් හෝ බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා කිසිදු ධීවරයෙකු සිය ගම් බිම් අහිමිවේ යැයි,අස්ථාන බියක් ඇතිකර ගත යුතුනැහැ.

