උග්‍ර බැක්ටීරියා ලෙඩට ඉන්දියාවෙන් බේතක්


(අංජුල මහික වීරරත්න)

මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 1,900,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ඉන්දියාවේ සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පුළුල් පරාසයක උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන මෙරපනම් ඖෂධය මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 6 ක් ලැබී ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 1,900,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය  අවම ලංසුකරු වන ඉන්දියාවේ United Biotech (Pvt) Ltd. (Manufacturer: United Biotech (Pvt) Limited., India) වෙත මුළු පිරිවැය සහ ගැල් කුලී මිල ඇතුළුව ඇමෙරිකා ඩොලර් මිලියන 1.99 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.