
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඊළඟ සති හතරේ බිලියන පනහක් පමණ ආණ්ඩුවට වියදම් කරන්න මුදල් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
2025 අයවැයේ වියදම් කරගන්න නොහැකිව ඉතිරි වූ මුදල් තිබෙනවා.හදිසි අවශ්‍යතාවයන් සහ නිවාස ගෙවල් ශුද්ධ කර ගැනීම් සඳහා වියදම් කරන්න රුපියල් බිලියන 30 ක් පමණ දැන් භාණ්ඩාගාරයේ තිබෙනවා. තවත් බිලියන විස්සක් විතර වෙන තැන් වලින් ගන්න පුළුවන්.
මේ අනුව බිලියන පනහක් විතර ඊළඟ සති හතරේ වියදම් කරන්න හැකියාව තිබෙනවා.ඒනිසා රජයට අවශ්‍ය සියලුම මුදල් තියෙනවා.මුදල් නොගෙවා ඉන්න කිසිම කාරණයක් නැහැ.ඒක නිසා පීඩාවට පත් ජනතාවගේ ඇත්ත මුදල් අවශ්‍යතා සොයා ඒවාට ගෙවන්න.මූලික ගැටලුව එන්නේ 2026 සඳහායි.මොකද සියයට 13ක ප්‍රාථමික වියදම් සීමාවක් පනවා තිබෙනවා.අයි.එම්.එෆ් ගිවිසුම තියෙන්නේ ඒ සමගයි.තවත් රුපියල් බිලියන 300ක් හෝ 500ක් එන වසරේ වියදම් කරන්න හැකිනම් ඊට පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමේ කිසිම ගැටළුවක් නැහැ යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.

