ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට පළමු කණ්ඩායම පිටත්ව යයි


(යොහාන් භාසුර )
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම  කටුනායක ගුවන්තොටුපොලින්  ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.
මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත් වූ බවත් ඊශ්‍රායලයේ කෘෂි  අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් දස දහසක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව ගිය පළමු කණ්ඩායම සදහා වන ගුවන් ප්‍රවේශපත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී ප්‍රධානය කළේය.