(විමුක්ති එස් රුද්‍රිගු)
සිරියානු කැරැලිකරුවන් එරට බලය අල්ලා ගැනීමත් සමග මෙම සතියේදී පමණක් ඊශ්‍රායල හමුදාව සිරියාව පුරා පිහිටි ඉලක්ක 500 කට පමණ ප්‍රහාර එල්ල කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ප්‍රහාරවලින් ලක්ෂයකට වඩා වැඩි ජනතාවක් අවතැන් වී ඇති බවද පැවැසෙයි.
එම ප්‍රහාරවලින් සිරියානු හමුදාවට අයත්ව තිබූ උපාය මාර්ගික අවි ගබඩා රැසක් විනාශ වී ඇත.
එලෙස විනාශ වූ ඉලක්කවලට ගුවන් යානා නාශක බැටරි, හමුදා ගුවන් තොටුපලවල්, ආයුධ නිෂ්පාදන ස්ථාන, ප්‍රහාරක ගුවන් යානා සහ මිසයිලද ඇතුළත් බව පැවැසෙයි.
එපමණක් නොව ඊශ්‍රායල මිසයිල යාත්‍රා අල්-බයිඩා සහ ලටාකියා වරායන්හි පිහිටි සිරියානු නාවික පහසුකම්වලටද පහරදී ඇති බවත් ප්‍රහාර එල්ලවන අවස්ථාවේ සිරියානු නාවික යාත්‍රා 15ක් එම වරායන්හි නවතා තිබී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ වනවිට ඊශ්‍රායල හමුදා සිරියානු දේශසීමාව තුළට සඳහන් වේ.
සිරියානු කැරැලිකරුවන්ට එම අවි ගබඩා අයිතිවීම වැළැක්වීම සඳහා එම ඉලක්කවලට පහර දීමට තමන් අණදුන් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවැසුවේය.