ඉරාන ඊශ්‍රායල ගැටුම් අතරතුරේ, උතුරුදිග ඉරානයේ භූමි කම්පාවක් හටගත්තේය. එය රික්ටර් පරිමාණයේ ඒකක 5.1 අගයක් සටහන් කළේය.
මාධ්‍ය වාර්තා අනුව ඉරානයේ සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් ගැඹුරට වන්න මෙම භූකම්පනය හටගෙන ඇත.
භූමිකම්පාවෙන් සිදුවුණු හානිය ගැන මෙතෙක් කිසිවක් වාර්තා වන්නේ නැත. සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය, භූමිකම්පාවෙන් දරුණු ලෙස සැලවුණු බව පැවැසෙයි.
සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද භූමිකම්පාවේ ප්‍රබලත්වය දැනී ඇත.
බටහිර මාධ්‍ය සැක පළ කර ඇත්තේ ඊශ්‍රායල ඉරාන ගැටුම අතරතුරේ, ඉරානය භූගතව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම භූමිකම්පාව හටගත් බවත්ය. කෙසේ නමුත් මේ බව මෙතෙක් තහවුරු වී නැත.
ඉරානය සතුව භූගතව න්‍යෂ්ටික බලාගාර පිහිටයි.