(ගයාන් සූරියආරච්චි)
ඉමිටේෂන් ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් මරදාන ප්‍රදේශයේ ඉමිටේෂන් බඩු අලෙවි කරනු ලබන ආයතනයකින් ඉමිටේෂන් මාලයක් සොරා ගත් බව කියන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ වැඩතහනමට ලක් කර ඇත්තේ එම ඒකකයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකුගේ ය.
සැකකාර සැරයන්වරයා මරදාන ප්‍රදේශයේ රන් වර්ණ ආලේපිත ඉමිටේෂන් ආභරණ අලෙවි කරනු ලබන ආයතනයකට ගොස් ඉමිටේෂන් බඩු මිලදී ගන්නා මුවාවෙන් රුපියල් 1500 ක් වටිනා ඉමිටේෂන් මාලයක් සොරාගත් බවට එම ආයතනයේ හිමිකරු විසින් මරදාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව සැකකාර සැරයන්වරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බව පොලිසිය කියයි.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ඉකුත් (11) දින සිට සැකකාර පොලිස් සැරයන්වරයාගේ වැඩතහනම් කළ බව විශේෂ විමර්ශන ඒකකය පවසයි.