(ටී.කේ.ජී.කපිල)
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (23) දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
අග්‍රාමාත්‍යවරයා සමඟ දූත පිරිස 40 දෙනෙක් ද පැමිණ සිටියහ.
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයෙන් අද සවස 4.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

