ඉන්ධනවලින් ආණ්ඩුව ලාභ ලබයි


(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 62 කින් මිල ඉහළ දැමූ ලංකා සුපිරි ඩීසල් ලිටරයකින් ශත 61 ක ලාභයක් බලන බවත් ආණ්ඩුව සුපිරි ඩීසල් ලිටරයකට රුපියල් 103.64 ක බද්දක් අය කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 01 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 39 ක ද, ඩීසල් ලීටරයකින් ශත 51 ක් ද, භූමිතෙල් ලීටරයකින් ශත 15 ක් ද, ලාභයක් උපයන බවත් ආණ්ඩුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 104.02 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 126.71 ක ද, ඩීසල් ලීටරයකට රුපියල් 80.15 ක් ද, භූමිතෙල් ලීටරයකට රුපියල් 3.02 ක් ද, බදු අය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ලංකා ඉන්දියන් ඔයිල් (අයි.ඕ.සී.) සහ සිනෝපැක් යන සමාගම් දෙකම පෙට්‍රල් සහ ඩීසල් කාණ්ඩ හතරෙන්ම පාඩු ලබන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.