ඉන්ධන ලොරියත් ඉන්ධන නැතිව අතරමඟ නතර වෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුතුරාජවෙල ඉන්ධන පිරිපහදුවේ සිට පුත්තලම ඉන්ධනහල් වෙත පෙට්‍රල් රැගෙන එමින් තිබු පෙට්‍රල් රැගත් බවුසරයක් ඉන්ධන අවසන් විම පැය 10කට ආසන්න කාලයක් අතරමඟ නතර කර තිබුණි.

මෙසේ ඉන්ධන නොමැතිව මහ මඟ නැවති ඇත්තේ පුද්ගලික බෙදාහරින්නකු සතු බවුසරයකින් පුත්තලම ඉන්ධන හල් තුනක් වෙත රැගෙන ආ පෙට්‍රල් ලීටර් 19800 ක් රැගෙන ආ බවුසරයක් බව කියයි.

මෙම බවුසරයෙ ඉන්ධන අවසන් විමත් සමග එහි රියදුරු ආසන්නයේ ඉන්ධන හල් කිපයකට දන්වා ඇතත් ඉන්ධන හල් වලින් ඩිසල් ලබා දී නැති බව කියයි.