(යොහාන් භාසුර)
ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (1) දිනයේ ඉන්ධන මිල සංශෝධනය විය යුතු වුවද ඉන්ධන මිලේ වෙනසක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන ආනයනික පිරිවැය අනුව ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයක් වීමේ අවස්ථාව නොමැති බව කී අමාත්‍ය කංචන විජේසේකර මහතා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ පසු මිල සංශෝධනය විය හැකි බවද සඳහන් කළේය.

