(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපදෙස් සහ නීතිරීතිවලට පටහැනිව කටයුතු කළේ යැයි චෝදනාවට ගම්පහ දිස්ත්රික්කයේ ඉන්ධන පිරවුම්හල් 4 ක ඉන්ධන සැපයුම අත්හිටුවූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
මාකොළ දකුණ, ගම්පහ නාල්ල, කැලණිය පෙතියාගොඩ සහ මීරිගම යන පිරවුම්හල් හතරට ඉන්ධන ලබාදීම අත්හිටුවා ඇති බවත් එම ඉන්ධන පිරවුම්හල් හතරේ ඉන්ධන බෙදීමේ බලපත්රය අහෝසි කිරීමට ඉදිරි ක්රියාමාර්ග ගැනීමට නියමිත බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් කීය.