(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ඉන්ධනහලින් ලබා දුන් ටෝකන්වලට ඉන්ධන නිකුත් කරමින් සිටින අතරතුර පොලිසිය පෞද්ගලික යතුරු පැදිවලට සහ රාජකාරී යතුරු පැදිවලට ඉන්ධන ලබාගැනීමට පැමිණීමත් සමග ටෝකන් ලබාගත් පිරිස ඊට දැඩි විරෝධයක් එල්ල කළහ.
දින 5ක් තිස්සේ මෙම පිරිස පෝලිම්වල රැඳී සිට ඇතැයි ද පැවැසෙයි.
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් දස දෙනකු පමණ සිය පෞද්ගලික යතුරුපැදි ,සහ රාජකාරි යතුරුපැදි රැගෙන ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ ඇත. ඒ අවස්ථාවේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
අනතුරුව ස්ථානාධිපතිවරයා පැමිණ පිරිසට කරුණු පහදා දීමට උත්සාහ කිරීමේදී ඔහුට ද විරෝධය එල්ල කළහ.
අනතුරුව පාරිභෝගිකයන්ට ලබා දෙන ඉන්ධන ප්‍රමාණයම පොලිසියේ පෞද්ගලික යතුරු සඳහා ලබාදීමට එකඟතාවය මත විරෝධය අවසන් කෙරිණි.