ඉන්ධන ගන්න ගිහින් බණ්ඩාරගමත් නොසන්සුන්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ඉන්ධන පිරවුම් හලක් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට යුද හමුදාවේ අතිරේක කණ්ඩායමක් කැඳවීමට පියවර ගතතේය.

දින හතරකට පසු ඊයේ රාත්‍රී 9ට පමණ පෙට්රල් ඉන්ධන තොග ලිටර් 6600 ක් ලැබී තිබූ අතර අළුයම එකයි තිහ පමණ වන තෙක් එමගින් පාරිභෝගිකයින් හට ඉන්ධන නිකුත් කෙරිණි

අත්‍යවශ්‍ය සේවා සඳහා භූගත ටැංකි ඉතිරිව තිබූ ලීටර් 600 සීමාව ළඟාවත්ම ඉන්ධන ලබා දීම නතර කිරීමත් සමඟම පාරිභෝගිකයෝ ඉන්ධන හලට කඩා වැදී කෑකෝ ගසමින් ආවේගශීලීව හැසිරුණහ.

එහි සිටි පොලිස් නිලධාරීන් තමන්ට පෙන්නුවේ ඉන්ධන ගොඩබෑ භූගත ටැංකිය නොව වෙනත් ටැංකියක් බව පවසමින් ඔවුහු කෑකෝ ගැසූහ.

මේ අවස්ථාවේදී පැලවත්ත හමුදා කඳවුරේ හමුදා සෙබළුන් එම ස්ථානයට පැමිණ කළමනාකරු සමඟ සාකච්ඡා කර එක් පාරිභෝගිකයකුට ඉතිරිව තිබෙන ඉන්ධනවලින් රුපියල් දහසක ප්‍රමාණයකට ඉන්ධන ලබා දීමට කටයුතු යෙදිණි