(සුජිත් හේවාජුලිගේ)
ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපොළවල්වල සතුන් ඉන්ධන සහ ආහාර අර්බුදය හමුවේ නඩත්තු කිරීමත් එම ගොවිපොළවල් පවත්වාගෙන යෑමත් ඉතා දුෂ්කරවී ඇතැයි එහි සභාපති මහාචාර්ය මංජුල සුමිත් මහගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.
සතුන් සඳහා තෘණ වර්ග කැපීමද ඉන්ධන ප්‍රශ්නය නිසා අඩාලවී ඇතැයි පවසන සභාපතිවරයා තෘණ වර්ග ඉතා දුෂ්කරතා මධ්‍යයේ අතින් කැපීමට සිදුව ඇති බවද සඳහන් කළේය.
සභාපතිවරයාගේ වාහනය ඇතුළු සියලු වාහන ධාවනය කරවීමද ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් බොහෝදුරට අඩාළවී ඇතැයි වාර්තාවේ.
ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපොළවල ගවයන් ඇතුළු සතුන්ට සාන්ද්‍ර ආහාර සපයා ගැනීමද ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ගැටළුකාරීවී ඇතැයි මහගමගේ මහතා සඳහන් කළේය.
ගොවිපළවල් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇතත් මෙතෙක් පහසුකම් සලසාදී නොමැති බව ජාතික පශු සම්පත් මණ්ඩලයේ නිලධාරීහු පවසති.
මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් සත්ව ගොවිපොළවල් සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව ඔවුහු වැඩිදුරටත් පෙ