
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පිහිටි සත් මහල් කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 22 දෙනකු මිය ගොස් ඇති බවත් බලධාරීන් තුවාල ලැබූවන් සෙවීම දිගටම කරගෙන යන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දුනීසියානු අගනුවර පිහිටි සත් මහල් ගොඩනැගිල්ලේ ගින්න ඊයේ (09) දහවල් ආරම්භ වී තිබේ.
ඒ වන විට සේවකයෙන් කිහිප දෙනකු දිවා ආහාරය ගනිමින් සිටි බවත් පළමු මහලේ බැටරියක් පුපුරා යාමෙන් පසුව ගින්න ආරම්භ වී පසුව ගින්න ඉහළට පැතිර යන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරන බවත් වාර්තා වේ.
ඩ්‍රෝන යානා නිපදවන සමාගමක් මෙම ගොඩනැගිල්ලේ පිහිටා ඇත.
මියගිය බොහෝ දෙනා කාන්තාවන් බවත්, ඔවුන්ගෙන් එක් අයකු ගැබිනි මවක්, බවත් ඔවුන් පිළිස්සුම් තුවාල වලින් නොව දුමෙන් හුස්ම හිරවීමෙන් මිය යන්නට ඇති බවට විශ්වාස කරන බව එරට පොලිසිය සඳහන් කරයි.
මේ වන විට ගින්න නිවා දමා ඇති අතර, ගලවා ගැනීමේ කණ්ඩායම් ගොඩනැගිල්ල තුල නවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරන බවත් වදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සමාගම කාර්මික සේවාදායකයෙන් සඳහා ගුවන් සමීක්ෂණ සහ සිතියම්කරණයේ සිට පරීක්ෂා කිරීම සහ කෘෂිකර්මාන්තය දක්වා ඩ්‍රෝන සේවා සපයයි.
(අන්තර්ජාලය ඇසුරෙන් හසිනි නවෝද්‍යා)

