ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට අයි.එස්. ත්‍රස්ත තර්ජන එල්ල වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
ඉන්දු පාකිස්තාන තරගයට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර ඇත්තේ ‘අයි.එස්.කේ’ ත්‍රස්ත කල්ලියයි. ‘අයි.එස්.කේ’ හෙවත් ‘අයි.එස්. කොරසාන්’ යනු, ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියකි. මෙම ත්‍රස්ත කල්ලිය ඇෆ්ගනිස්තානයේ කොරසාන් පළාත කේන්ත්‍රකොට ගනිමින් බිහිවූයේ, සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක වූ ප්‍රධාන අයි.එස්. සංවිධානය බටහිර ප්‍රහාර හමුවේ අඩපණ වෙද්දීය.
අද ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයටත් මෙම ‘අයි.එස්.කේ’ ත්‍රස්ත කල්ලිය බාධාවක් වී ඇත. ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මොවුන්ය.
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කරමින් ‘අයි.එස්.කේ’ ත්‍රස්ත කල්ලිය වීඩියෝවක් නිකුත් කර ඇති බවත්, එම තර්ජනය කිසිසේත් සුළුකොට තකන්නේ නැති බවත් ක්‍රිකට් තරගය පැවැත්වෙන නිව්යෝක් ජනදපයේ, නසෝව් ප්‍රාන්ත පොලිස්පති පැටි්‍රක් රයිඩර් පැහැදිලි කර ඇත.
ජූනි 6 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දු පාකිස්තාන තරගයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද පොලිස්පතිවරයා දන්වා ඇත.