ඉන්දීය සහකාර


(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය මහනුවර ස්ථාපිත කර වසර 100 ක් පිරීම නිමිත්තෙන් නිර්මාණය කරන ලද විශේෂ ලාංඡනය එළිදැක්වීම සඳහා මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් උත්සවයක් සංවිධානය කරන ලදි.

එම උත්සවයේදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා මාර්ගගතව එම විශේෂ ලාංඡනය එළි දැක්වීය.

එම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා සහභාගී වූවේය. ශ්‍රී ලංකා බලධාරීන් පසුගිය වසර 100 ක කාලය තුළ ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයට නොයෙක් ආකාරයෙන් ලබා දුන් සහයෝගය පිළිබඳ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා එහිදී අදහස් දක්වමින් ස්තුතිවන්ත විය.

තෝරාගත් විශේෂ ලාංඡනය තරඟකරුවන් 470 දෙනකු ඉදිරිපත් කළ නිර්මාණ අතරින් තෝරාගෙන ඇත.මෙම විශේෂ ලාංඡනය නිර්මාණය කර ඇත්තේ රයීස් අහමඩ් භාට් නම් තරඟකරු විසිනි.