(ටී.කේ.ජී.කපිල සහ හර්ෂණ තුෂාර සිල්වා )
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා කෙටි සංචාරයක් සඳහා අද (19) පස්වරුවේ මෙරටට පැමිණියේය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ඉන්දීයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනකු ද සමඟ අද (19) රාත්‍රි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට නියමිතව තිබිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දියාවට පැමිණෙන්නැයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ ආරාධනය රැගෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණි බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ආචාර්ය ෂිල්පක් අම්බුලේ සහ එම අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාප සම්බන්ධීකරණ ලේකම් අමිත් නාරන්ග් යන මහත්වරු ද මෙරටට පැමිණ සිටිති.
හෙතෙම හෙට (20) පෙරවරුවේ නැවත ඉන්දියාව බලා පිටත්ව යන බවද ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබිණි.

