ඉන්දීය ධීවරයින් 22


(ඉන්දිකා රාමනයාක)

මෙරට මුහුදු සීමාවට   නීති විරෝධීව  ඇතුළු  වී  කන්කසන්තුරේට  උතුරින් වු   මුහුදු තීරයේ ධීවරකටයුතුවල නිරත වූ  ඉන්දීය ධීවරයන් 22  දෙනකු සමග ටෝලර් යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

කන්කසන්තුරය ප්‍රාදේශීයට උතුරු දෙසින් සහ කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු තීරයන්හි අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ඉදඑඑදප එර්අකසබට පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා කීපයක් ඉන්දීය ජාතික ධීවරයින්  සහ   ඔවුන් විසින් නීති විරෝධී ලෙස අල්ලනු ලැබූ මත්සය තොගයක් ද නාවික හමුදා භාරයට  ගත් බව නාවික හමුදාව පවසයි.