(ටී.කේ.ජී.කපිල )
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා අද (9) දහවල් 11.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
ඉන්දීය අගමැති මෝදි මහතාගේ අමතර ආරක්ෂාව සඳහා තවත් ගුවන් යානයක් ද අග්‍රාමාත්‍යවරයා ගමන් ගත් ගුවන් යානය අසලින්ම ගමන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු මැති ඇමැතිවරු රැසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග දූත පිරිස 59 ක් පැමිණ සිටි අතර ගුවන් යානා දෙකේ කාර්යය මණ්ඩලය 16 දෙනෙකු ද විය.
ඡායාරූප - ළහිරු හර්ෂණ





