
(ඉන්දිකා රාමනායක)
හෙරොයින් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබු මෙරට බෝට්ටු 3 න් බෝට්ටු දෙකක් එහි සිටි පිරිස සමග ඉන්දීය බලධාරීන් විසින් මුදා හැර ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.
මෙම බෝට්ටු තුන අත්අඩංගුවට ගත්ත ද හෙරොයින් සහ හෂීෂ් නැමැති මත්ද්‍රව්‍ය තිබී ඇත්තේ එක් බෝට්ටුවක පමණක් හෙයින් සෙසු බෝට්ටු දෙක මෙලෙස මුදාහැර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අත්අඩංගුවට ගත්නා අවස්ථාවේ මත්කුඩු තිබු බෝට්ටුව සහ එහි පිරිස පමණක් තවමත් ඉන්දීය අත්අඩංගුවේ පසුවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හා සැකකරුවන් සම්බන්ධයෙන් හෙට (10) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම සිද්ධියේ පරීක්ෂණ වලට ශ්‍රි ලංකාවේ සහය ද ලබා දෙන බවට ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
රුපියල් කෝටි 400 ට අධික වටිනා හොරොයින් කිලෝ 200 ක් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝ 60 ක් සමග ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් මෙරට බෝට්ටු තුනක් සමඟ 19 දෙනකු ලක්ෂදිවිප් දූපත ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් වෙබ් අඩවිය සහ ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා වෙබ් අලෙවිය වාර්තා කර තිබිණි.
ආකර්ෂා දුව , චතුරාණි 3, චතුරාණි 8 , නැමැති බොට්ටු මෙලෙස මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර ආකර්ෂා දුව නැමැති බෝට්ටුවෙන් හෙරොයින් කිලෝ 200 ක් සහ හෂීස් මත්ද්‍රවය කිලෝ 60 තිබු බව එම පුවත් සේවය වාර්තා කරයි.
ආකර්ෂා දුව බෝට්ටුව සහ එහි කාර්ය මණ්ඩලය පමණක් ඉන්දීය අත්අඩංගුවේ පසුවෙයි.

