ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක්


(රංජන් කස්තුරි)

ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක් ලබාදී ඇත. එම මැදිරිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 82.6කි.

ඉන්දීය ණය ආධාර ගිවිසුමක් යටතේ මෙම දුම්රිය මැදිරි ලංකාවට ලබාදී ඇති අතර දුම්රිය මැදිරි 160ක් එම ගිවිසුමට අයත්ය.

 ණය ආධාර ගිවිසුමේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 318කි.