ඉන්දියාවෙන් ගෙනා ෂැම්පු කල්පිටියෙන් අල්ලයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන එමින් තිබු ෂැම්පු පැකට් ,බෝතල් සමඟ මුහුදු කුඩැල්ලන් ඇතුළු ලක්ෂ 25 කට ආසන්න දෑ සමග  කල්පිටිය ආනවාසල පදිංචි ධීවරයින් දෙදෙනෙකු කල්පිටිය විජය නාවික හමුදා නිළධාරින්  අද( 19) අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධි ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ සැෂේ ෂැම්පු පැකට් 33600 ක් හා ෂැම්පු අඩංගුව බෝතල් 193 ක් හා මුහුදු කුඩැල්ලන් කිලෝ 193 ක් බව නාවික හමුදාව පවසයි.

අදාල දෑ සමග අත් අඩංගුවට ගත් ධීවරයින් කල්පිටිය සින්න අරිච්චාලේ කලපු සිමාවේදි අත් අඩංගුවට ගැනිමට හැකිවු බවත් නාවික හමුදාව දිගින් දිගටම ජාවාරම්කරුවන් විසින්  වයඹ මුහුදු තිරය හරහා  මෙරටට රැගෙන නීති විරෝධි දෑ අත් අඩංගුවට ගැනිම සිදු කළ බවයි.

අත් අඩංගුවට ගත් දෑ සමග සැකකරුවන් ශ්‍රී ලංකා රේගුවට භාර දීමට කටයුතු කළ බව කල්පිටිය විජය නාවුක කඳවුර කියයි.