
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ලක්ෂ 7 ක පමන වටිනා මුහුදු කුඩැල්ලන් තොගයක් තලේමන්නාරම මුහුදු සිමාවේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන මන්නාර ධිවර අධ්‍යක්ෂ කාර්යාලයට (9) දින සවස භාර දීමට කටයුතු කර තිබුණි.
උතුරු මැද නාවික විදානයට අයත් නාවික නවුකා තම්මැන්නා කදවුරට අයත් නාවික යාත්‍රාවක් මගින් තලේමන්නාරම මුහුදු සිමාවේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුණි.
මුහුදු මාර්ගයෙන් නීති විරෝධි අයුරින් මෙසේ ඉන්දියාවේ සිට ධිවර යාත්‍රා දෙකක් උපයෝගි කර ගනිමින් රැගෙන එමින් තිබු මුහුදු කුඩැල්ලන් කිලෝ 1100 ක ප්‍රමානයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය හා සිලාවතුර පදිංචි කරුවන් බව කියයි.
අදාල සැකකරුවන් ධිවර යාත්‍රා දෙක හා මුහුදු කුඩැල්ලන් තොගය මන්නාරම ධිවර කාර්යාලයට භාර දී තිබුණි.
මන්නාර ධිවර අධ්‍යක්ෂක සරත් චන්ද්‍රනායක මහතා පවසා සිටියේ ධිවර හා ජලජ සම්පත් පනතේ 1996 අංක 2 දරණ ධිවර පනතට අනුව මුහුදු මාර්ගයෙන් මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනය තහනම් බවයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මුහුදු කුඩැල්ලන් සම්බන්ධව පරික්ෂණ කිරිමේන් පසුව මන්නාර අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව මන්නාර ධිවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා ඇතුළු නිළධාරින් ඉදිරි පරික්ෂණ අරඹා තිබේ.



