ඉඩම් මහ හොරු රොත්තක් ගැන සීඅයිඩියට පැමිණිල්ලක්


(සුජිත් හේවාජුලිගේ)

රජයේ ඉඩම් මහා පරිමාණයෙන් අව භාවිත කළ පිරිසක්  සම්බන්ධයෙන් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ  මහනුවර ඉඩම් දෙකක් සහ ගම්පහ ඉඩමක් සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කළ බව ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.