ඉඩම් කොටසක් ලබා දී නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය ආධාර


(අංජුල මහික වීරරත්න)

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් සියලුම වතුවල කම්කරු පවුල්වලට ලබන අප්‍රේල් මාසයේ ඉඩම් කොටසක් ලබා දී නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය ආධාර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 

යහපාලන ආණ්ඩුව සමයේ රුපියල් මිලියන 757ක් පාඩු ලැබු ජනවසම මේ වන විට ලාබ ලබන තත්ත්වයට පත් කර ඇති බව කී අමාත්‍යවරයා ලබන අප්‍රේල්වලට පෙර ජනවසම වතුවල පදිංචි කම්කරු පවුල්වල ජීවිතය යහපත් තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව  කීවේය.

යහපාලන කාලයේ ⁣ජනවසම වතුවල දෛනිකව තේ දළු කිලෝ ලක්ෂයක් බැගින් නෙලා කිලෝව  රුපියල් 65කට විකුණා ඇතැයි කී අමාත්‍යවරයා වත්මන් ආණ්ඩුව ජනවසම බාර ගෙන තේ දළු අලෙවි කිරීමට  ටෙන්ඩර් කැදවූ බවත් ඒ අනුව දැන් තේ දළු කිලෝවට රුපියල් 90ක් ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.