ඉඩම් ඔප්පු හා ඇටෝනි බලපත්වලටත් ජංගම සේවයක්


 
බිඟුන් මේනක ගමගේ 

 
 
ඉඩම් ඔප්පු, පත්ඉරු හා ඇටෝනි බලපත් සැකැසීමට එක්දින සේවයක් ආරම්භ කරන්නේ යැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක්  පැවසීය.
 

දැනට සාමාන්‍ය සේවය යටතේ මෙවැනි ලියාපදිංචියකට රුපියල් එක්දාස් පන්සියක් අය කෙරෙන අතර එක්දින සේවය වෙනුවෙන් ඒ සඳහා රුපියල් තුන්දහසක මුදලක් අය කිරීමට තීරණය කර ඇතැයි ද එම නිලධාරිනිය කීවාය.
 
ඔක්තෝබර් 21 වැනිදා සිට මෙම සේවය ආරම්භ කිරීමට නියමිත යැයි ද  දුර බැහැර සිට කොළඹට පැමිණෙන මහජනතාවට එමගින් විශාල සේවයක් ඉටුවනු ඇතැයි රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ යැයි ද ඇය සඳහන් කළාය.
 
ඉඩම් ලේඛන පරීක්ෂා කිරීමේ මාර්ගගත සේවාව යටතේ අන්තර්ජාලය හරහා පත්ඉරු පරීක්ෂා කිරීමේ සේවයක් ද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මෙම වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ කළේය.