ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක පිපිරීමක්


ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් පල්ලියක යාච්ඤාවක් අතරතුර අද(02) සිදු වූ පිපිරීමකින් 21 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මෙම ප්‍රහාරය සිදු කර ඇතැයි පැවසෙයි.

තලෙයිබාන් සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකකු වන මුජිබ් අන්සාරි ඉලක්ක කරමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ අයි.එස් ත්‍රස්තවාදීන් යැයි සැක කෙරේ. 

034