ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශසීමාව ආසන්නයේ ෆාරා පළාතේ අධිවේගී මාර්ගයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් එම ස්ථානයෙන් ගමන්ගත් බස් රථයක සිටි 35 දෙනෙකු මියගොස් 27දෙනකු තුවාල ලබා ඇත.
මියගිය අය අතර කුඩා දරුවන් කිහිපදෙනකු ද කාන්තාවන් ද සිටින බවත් හේරැට් නගරයේ සිට කන්දහාර් දක්වා ගමන්කරන රථයක් මෙලෙස පිපිරීමට හසුවී ඇති බවත් බලධාරීහු පවසති.
පොලිසිය පවසන්නේ ඇෆ්ගන් හා විදෙස් ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන තලේබාන් සංවිධානය විසින් මෙම බෝම්බය අටවා ඇති බවයි.
කෙසේවුවද තලේබාන් සංවිධානය හෝ වෙනත් සන්නද්ධ කණ්ඩායමක් මෙතෙක් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැති බව මාධ්‍ය සඳහන් කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

