(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබන මැයි පළමුවෙනිදා සිට ලබාදෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
එන්නතේ පළමුවැනි මාත්‍රාව ලබා දුන්නේ ජනවාරි විසි නව වැනිදා බව කී රාජ්‍ය ඇමතිවරිය පළමු මාත්‍රාව දෙනවිට නිර්දේශය වී තිබුණේ සති හතරකින් දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු බව යයිද සඳහන් කළාය.
සති 12 කින් පසුව දීම සුදුසු බව ඊට පසුව නිර්දේශ වූ බව කීවාය.
මේ අනුව දෙවැනි මාත්‍රාව දිය යුතුව ඇත්තේ අප්‍රේල් 29 නිදා බවත් මැයි පලවෙනිදා එන්නත ලබාදීම ගැටලුකාරී නැති බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
දවසක් දෙකක් දින වෙනස් වූවාට ප්‍රශ්නයක් නොවන බව ද කීවාය.
චීන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් ලැබී නැත්තේ ඊට අදාළ තොරතුරුවල ප්‍රශ්නයක් නිසා බව පැවැසූ ඒ මහත්මිය තොරතුරු ලැබුණු පසු ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි ද සඳහන් කළාය.
රාජ්‍ය ඇමතිවරිය මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

