
(ප්රසාද් රුක්මල් සහ රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1041 ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය අද (26) පස්වරුවේ වටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්ව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
කොළඹ කොටුවෙන් පෙරවරු 6.30 ට බදුල්ල බලා ගමන් ආරම්භ කල මෙම අංක 1041 දරන ඇල්ල ඔඩිසි දුම්රිය ද්විත්ව දුම්රිය එංජිම කට්ටල දෙකකින් සම්න්විත අතර, එහි පසුපස එන්ජිම සමග දුම්රිය මැදිරියක් මෙසේ පිලීපැන ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයකු කීය .
දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානය ට ලගාවෙමින් තිබියදී එම දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ දුම්රිය ලූප් එක අසල දී මෙසේ දුම්රිය පිලීපැනීමට ලක්ව ඇති බවත් , එය යලි පිළිසකර කිරිමට මහනුවර දුම්රිය ස්ථානයයේ සිට දුම්රිය ආපදා සේවක කංඩායමක් පැමිණීමට නියමිත යැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .
මේනිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට කිසියම් ප්රමාදයක් සිදුවිය හැකි යැයි දුම්රිය බළධාරින් පැවසුහ .

																	
																	
																	
																	
																	
																	