ඇල්ල සංචාරකයන්ගෙන් පිරෙයි


(පාලිත ආරියවංශ)

පාසල් නිවාඩුවත් සති අන්ත නිවාඩුවත් නිසා ඉතා සොදුරු ගමනාන්තයක් ලෙස ප්‍රකට ඇල්ල සංචාරක කලාපය ඉකුත් දින දෙක පුරා සංචාරකයන්ගෙන් පිරි පැවතිණ.

විශේෂයෙන්ම දේශීය සංචාරකයන් දරු පවුල් පිටින්ම සංචාරයට පැමිණ සිටියහ.

දුම්රිය ගමන ,( නයින්ආච්ච් )ආරුක්කු නමය පාලම , සහ රාවණා දියඇල්ල මෙම සංචාරකයන්ගේ වැඩි ආකර්ශනය දිනා තිබිණ.

සංචාරකයන්ගේ පැමිණීම වැඩිවිමත් සමග තම ආදායම්ද ඉහළ ගොස් ඇතැයි රාවණාඇල්ල ආශ්‍රිතව විසිතුරු භාණ්ඩ , අඹ සහ බඩ ඉරිගු විකුණන වෙළඳුන් පැවසූහ.

කෙසේ නමුත් රාවණාඇල්ල ආශ්‍රිතව ඇතමුන් ඉතා අවදානම් ඉසව්වල සිට ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගන්නා අයුරු අපට දක්නට ලැබිණ.

මෙම ස්ථානයේ දිය නෑම සහ ගල්මතනැගීම තහනම් කර ඇතත් එම තහනම හෝ අවධානම නොතකා කුඩා දරුවන් සමග ගල්මතට නගින අයුරුද දක්නට ලැබිණ.