(සමන් පාලිත නානායක්කාර)
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහවල් සිට එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දැඩි සුළං තත්ත්වය අවම වන තෙක් එම මාර්ග කොටස භාවිතයෙන් වළකින ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිති.
කඳු මුදුනේ සිට තැනින් තැනට ගස් කඩාගෙන මාර්ගයට රූරා ඒමේදී වැස්සට බුරුල් වී තිබූ වෙනත් ගල් පර්වත ද මාර්ගය මතට පෙරළී ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.
ගස් කපා ඉවත් කර සහ ගල් පර්වත ඉවත් කර මාර්ගය පිරිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන බවද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.