(පාලිත ආරියවංශ)
ඇල්ල නගරයේ කසළ අංගනයේ කසළ කඳු, ඇල්ල - වැල්ලවාය මාර්ගයට සහ කිතල් ඇල්ල මාර්ගයට කඩා වැටෙමින් පවතින බව ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා අද (19) ලංකාදීපයට පැවසීය.
කසළ රැස්කිරීමට එම අංගනය ප්‍රමාණවත් නොවීම සහ කසළ කන්දේ බර මීට හේතුව බව බස්නායක මහතා අවධාරණය කළේය.
ඇල්ල නගරයෙන් බැහැරලන කසළ රැස්කිරීමට තරම් එහි ඉඩ පහසුකම් නොමැති බැවින් ඉදිරි දින 10 ක පමණ කාලයක් තුළ කසළ රැස්කිරීම නතර කිරීමට වනු ඇතැයි ද බස්නායක මහතා පැවසීය.
හෝටල්, අවන්හල් සහ නිවාස 800කට වැඩි ප්‍රමාණයකින් බැහැර කරන කසළ, ඇල්ල ප්‍රාදේශීය සභාව මෙම ස්ථානයට රැගෙන එයි. කසළ අංගනය අසළ ම පානීය ජල ව්‍යාපෘතියට අයත් ජල ගබඩාවක්ද ඉදි කර ඇත.
මෙම කසළ අංගනය කාබනික පොහොර ව්‍යාපෘතියක් ලෙස වසර 10 කට පමණ පෙර පර්චස් 10 ක භූමියක ස්ථාපනය කළ නමුත් දැනට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද, විකල්ප කසළ අංගනයක් ස්ථාපිත කිරීමට වෙනත් ස්ථානයක අක්කර 4ක ඉඩමක් සූදානම් කර ඇති බවද, ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය මේ දක්වා ලබාගැනීමට නොහැකි වී ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
ඇල්ල නගරයේ හා අවට ක්‍රියත්මක වන 800 කට වැඩි හෝටල්, අවන්හල් හා ගෘහ නවාතැන්වලින් බැහැර කරන කසළ ඇල්ල ප්‍රාදේශීය සභාව මෙම ස්ථානයට රැගෙන එයි. මෙම කසළ අංගනය අසළම පානීය ජල ව්‍යාපෘතියට අයත් ජල ගබඩාවක්ද ඉදිකර තිබේ.
කිතල් ඇල්ල සහ ඇල්ල - වැල්ලවාය මාර්ගයෙන් හෝටල් හා නවාතැන්වලට යන එන විදේශීය සංචාරකයෝ කසළ ප්‍රශ්නය හේතුවෙන් දැඩි සේ පීඩාවට පත්ව සිටිති.









