(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 10 කනුව සහ කරදගොල්ල ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ විශාල ගසක් සමග විදුලි රැහන් කනුවක් මාර්ගය ට කඩා වැටීමෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ ඇල්ල රාවණාඇල්ල වන රක්ෂිතයේ පිහිටි විශාල ගසක් කඩා වැටී ඇති අතර, කරදගොල්ල ප්‍රදේශයේ දී විදුලි රැහන් කනුවක් මාර්ගය ට කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා සිදුව ඇති බවත් ඇල්ල පොලිසිය සදහන් කළේය .
මේ නිසාවෙන් ඇල්ල සහ වැල්ලවාය දෙසට දිගු රථ වාහන පෝලිම මේවනවිටත් පවතින බව ඇල්ල පොලිසියේ ප්‍රකාශයෙක් කීය .