ඇල්පිටිය සභාපති දෙවැනි අයවැයත් පරදි


(චන්ද්‍රසිරි ගුණසේකර.)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සභාපතිවරයා විසින් අද (18)දෙවන වරටත් සභාවට ඉදිරිපත්කරන ලද 2024 අය වැය ලේඛනයට  පොහොට්ටුවේ උපසභාපතිවරයා හා එම කණ්ඩායමේ මන්ත්‍රිවරු හත් දෙනෙකු ඇතුළු විපක්ෂ මන්ත්‍රිවරු 19 දෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශකර වැඩිජන්ද 9කින් පරාජයට පත්කළහ.
ඒ අනුව කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ සභාපතිධූරය අද සිට අහෝසි විය.
දිවයිනේ දැනට මහජන නියෝජිතයන් පාලනය කරන එකම පළාත් පාලන ආයතනය ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණි.
මෙම සභාවේ කොට්ටාස 17 නියෝජනය කරමින් තේරි පත්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 17 දෙනෙකු සිටින අතර එක්සත් ජාතික පක්ෂයෙන් තේරි පත්වූ මන්ත්‍රිවරු 07 දෙනෙකු,එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පත්වූ මන්ත්‍රිවරු 03 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණෙන් තේරි පත්වූ මන්ත්‍රිවරු 02 කු සිටිති.මුළු මන්ත්‍රි සංඛ්‍යාව 29 දෙනෙකි