ඇල්පිටිය ප්‍රා.ස. අය වැය සම්මතයි


(චන්ද්‍රසිරි ගුණසේකර )

ජාතික ජනබලවේගය බලයේ සිට්න ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් ප්‍රියන්ත සුමනසිරි මහතා විසින් 2026 වසර සඳහා අද (10) ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ජන්ද එකකින් ජයග්‍රහණය කරනු ලැබීය .
අයවැයට පක්ෂව ජාතික ජනබලවේගයේ සභාපති වරයා ඇතුළු මන්ත්‍රිවරු 15 දෙනාම ජන්දය ප්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව විපක්ෂයේ මන්ත්‍රිවරු 14 දෙනෙකු ජන්දය ප්‍රකාශ කළහ.ස්වාධීන මන්ත්‍රී අනිල් කාරියවසම් මහතා ජන්දය දීමෙන් වැළකී සිටියේය .ඒ අනුව වැඩි ජන්ද එකකින් අයවැය ජයග්‍රහණය කළේය .

මෙම සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරු 30 ක් සිටින අතර ඉන් 15 දෙනෙකු ජාතික ජනබලවේගයට අයත් මන්ත්‍රිවරු වෙති.සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු 05 ක්ද,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 03 ක්ද,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු 02ක්ද,පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ එක් මන්ත්‍රිවරයෙක්ද,ජාතික ජනතා පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙක්ද ,ස්වාධීන මන්ත්‍රිවරු 02 ක්ද වෙති.මින් ස්වාධීන එක් මන්ත්‍රිවරයෙකු  ජන්දය දීමෙන් වැළකී සිටි අතර අනෙක් මන්ත්‍රිවරු 14 දෙනාම අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළහ.