ඇඹිලිපිටිය රෝහලට ආරක්‍ෂිත ඇඳුම් කට්ටල 900ක්


අජිත් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර

ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ දී භාවිතා කරන ආරක්‍ෂක ඇඳුම් කට්ටල 900ක් පමණ වෛද්‍ය සහ සෙසු කාර්ය මණ්ඩල ප‍්‍රයෝජනය සදහා පරිත්‍යාග කිරීම අද (5) සිදුවිය.

ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් සැදුම්ලත් එක්සත් මිතුරන්ගේ සංගමයේ රුපියල් ලක්‍ෂ අටක් සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගේ රුපියල් ලක්‍ෂ තුනක අධාර ඇතිව මිලදි ගත් රෙදි භාවිතයෙන් මෙම ඇදුම් කට්ටල 900 නොමිලේ මසාදීම දයා ගමගේ මහතාට අයත් දයා ඇපරල් සමූහ ව්‍යාපාර ඇගලූම් කම්හල විසින් සිදුකරන ලදී.

ඇඹිලිපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය ලොකුගමගේ මහතාගේ සම්බන්‍ධීකරණයෙන් මෙම කාර්ය සිදුවිය.

වැඩබලන රෝහල් අධ්‍යක්‍ෂ සමන්තා රමචන්‍ද්‍ර මහත්මිය ඇතුලූ රෝහල් කාර්ය මණ්ඩලයට මෙම ආරක්‍ෂිත ඇදුම් ලබාදීම සිදුවිය.

දයා ඇපරල් සමූහ ව්‍යාපාරය විසින් මසන ලද මුඛ ආවරණ දහසක් නොමිලේ පරිත්‍යාග කිරිමද මෙහිදී සිදුවිය.