ඇඹිලිපිටිය නගර සභාපතිගේ පෙත්සම නිෂ්ප්‍රභා කරයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අක්‍රමිකතා චෝදනා මත ඇඹිලිපිටිය නගර සභා සභාපති ලලිත් ධර්මකීර්ති මහතා සිය ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගත් තීරණය සාධාරණ බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අනුමත කළ ශ්‍රේෂ්ඨාධිකරණය , ලලිත් ධර්මකීර්ති මහතා ගොනු තිබු විශේෂ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කළේය.

ශ්‍රේෂ්ඨධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ ඇඹිලිපිටය නගර සභා සභාපති ලලිත් ධර්මකීර්ති මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවය.

මෙම පෙත්සම විභාගයට ගනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.