(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
ඇමරිකාවේ නිෂ්පාදිත බෝර දොළහේ ගිනි අවියක් හා එම උණ්ඩ දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කම්මල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසියකියයි.
මෙසේ අත්අඩංගුවට පත් වී ඇත්තේසත්ව පාලනයේ යෙදෙමින් ජීවිකාව ගෙන ගිය පනස් අට හැවිරිදිපුද්ගලයෙකි.පල්ලෙවෙල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු එළුවන් ඇතුළු සතුන්හදා වඩා ගනිමින් ජීවිකාව ගෙනයන පුද්ගලයෙක් බවත් ඔහු හුදෙකලාව කුඩා නිවසක පදිංචිව සිට ඇති බවත් පොලිසියකියයි.
පස්යාල ප්‍රදේශයේ සිටි පුද්ගලයකු විසින් කලකට පෙර තමන්ට මෙම ගිනි අවිය ලබා දුන් බවට සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලන බව පොලිසිය සඳහන් කරයි.