කොරෝනා වෛසරය පැතිරීම වැළැක්වීම සඳහා නිව්යෝක් ප්‍රාන්තය නිරෝධායනය කිරීම සඳහා සලකා බලන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.
ඒ අනුව නිව්යෝක් ප්‍රාන්තයට සහ නිව් ජර්සි හා කනෙක්ටිකට් ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශ සඳහා සති දෙකක නිරෝධායන කාලයක් ක්‍රියාත්මක කිරීමට සලකා බලමින් ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මෙම අදහස ඔහු සිය ට්විටර් ගිණුමෙන් ද සනාථ කර තිබුණි.
කෙසේ වුවත් නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩෲ ක්යුමෝ මහතා පැවසුවේ අමෙරිකානු ජනපතිවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවලදී මෙම කරුණ ඉස්මතු නොවූ බවයි.
එය නීතිමය වශයෙන් බලාත්මක කළ හැක්කේ කෙසේදැයි තමන් නොදන්නා බව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.
නිව්යෝක් ප්‍රාන්තයෙන් මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 52000 ඉක්මවන බව ආණ්ඩුකාරවරයා පැවසීය.
නිව්යෝක් ප්‍රාන්තය වෛරසය පැතිරීමේ අමෙරිකානු කේන්ද්‍රස්ථානය වී ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(අල්ජසීරා ඇසුරෙනි)
-226-

