ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමටත්, සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමටත්, ස්ථාවර හා සාමකාමී අනාගතයක් තහවුරු කිරීම උදෙසාත් එක්ව කටයුතු කරමු යැයි මෙරට 71 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සඳහන් කරයි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
“ ශ්‍රී ලංකාව නිදහස සමරන මේ මොහොතේදී එක්සත් ජනපද රජය වෙනුවෙන් මම උණුසුම් සුබ පැතුම් පිළිගන්වමි.
අපගේ පොදු ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම මත පදනම්ව ශ්‍රී ලංකාව සමග ඇති සබැදියාව තර කර ගැනීමටත් ඉන්දු- ශාන්තිකර (පැසිෆික්) කලාපයේ පොදු වැදගත්කම වර්ධනය කර ගැනීමටත් එක්සත් ජනපදය උනන්දුවෙන් සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ව්‍යවස්ථාමය ක්‍රියාදාම රටේ අඛණ්ඩ ප්‍රගමනය සහතික කර තිබේ.
අපගේ ජාතීන් අතර සබඳතාව තව දුරටත් වර්ධනය කර ගැනීමටත්, සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමටත් සහ ස්ථාවර සාමකාමී අනාගතයක් තහවුරු කිරීම සඳහාත් අපි එක්ව කටයුතු කරමු.
ඔබ සියලු දෙනා ජාතික දිනය සමරන මේ මොහොතේ, සාමය සහ සතුට පිරි ඉදිරි වසරක් සදහා සියලු ශ්‍රී ලාංකිකයන්ට මගේ සුබ පැතුම්”.
055