
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා අතර හමුවක් අද(20) නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විණ.
එහිදී උළුගෙතැන්න මහතා සහ චන්ග් මහත්මිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාර්ය පිළිබඳ සුහද පිළිසඳරක නිරත වී ඇත.
ජුලී චන්ග් මහත්මිය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා හමු වූ ප්‍රථම අවස්ථාව මෙය විය.

