( තිළිණි ද සිල්වා)
ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සමබන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ආචාර්ය මාර්ක් ටී එස්පර් මහතා , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකතන සංවාදයක නිරත වූ බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
කොව්ඩ් 19 වසංගතයට මුහුණ දීමේදී අත්කර ගත් සාර්ථකත්වය සහ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ද අමෙරිකානු ආරක්ෂක ලේකම් ආචාර්ය මාර්ක් ටී එස්පර් මහතා මෙම දුරකතන සංවාදයේ දී ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කළ බවද ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
මෙරට සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් අඛණ්ඩ ප්‍රගතියක් අපේක්ෂා කරන බවද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මීට අමතරව මෙම දුරකථන සාකච්ඡාවේදී සියලු ජාතීන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා වන අයුරින් නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් ප්‍රතිපත්තිය වෙනුවෙන් ඇති කැපවීම පිළිබඳව ද ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරු වූ බව ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් පෙන්වා දේ.
පොදු ද්විපාර්ශ්වික ආරක්ෂක ප්‍රමුඛතා පිළිබඳව එහිදී අවධානය යොමුකර ඇති ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සන්නද්ධ හමුදා වෘත්තීමයභාවය, ත්‍රස්ත මර්දනය හා නාවුක ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවධානය යොමුකර තිබේ.
ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට ඇති කැපවීම ද මෙම දුරකතන සංවාදයේ දී දෙපාර්ශවය විසින්ම පෙන්නුම් කළ බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

