ඇමෙරිකානු නාවික හමුදා නිලධාරියෙකුගේ සිරුර ඔහුගේ නිවසින් හමුවෙයි


ඇමෙරිකානු නාවික හමුදාවේ  මැදපෙරදිග ස්ථාපිත  කර ඇති  ඇමෙරිකානු  නාවික හමුදාවේ 5 වැනි බලඝණයේ අණ දෙන දෙන නිලධාරීවරයා ලෙස කටයුතු කරනු ලැබු  වයිස් අද්මිරාල් ස්කොට් ස්ටර්නි නම් නිලධාරියාගේ මළ සිරුර  බහරෙන් පිහිටි ඔහුගේ නිවසේදී හමුවී ඇතැයි  විදෙස් මාධ්‍ය  වාර්තා කරයි.
 
ඇමෙරිකානු ඉතිහාසයේ දක්ෂ නිලධාරියකු වන ඔහු මෙලස මිය යන විට 58 හැවිරිදි වියෙහි පසු වී ඇත.


මරණයට හේතුව මෙතක් අනාවරණය වි නැතැයි එරට ආරක්ෂ අංශ සඳහන් කරයි.
 
මැදපෙරදිග ස්ථාපිත  කර ඇති  ඇමෙරිකානු  නාවික හමුදාවේ 5 වැනි බලඝණයේ අණ දෙන නිලධාරීවරයා ලෙස ඔහු වැඩ භාරගෙන ඇත්තේ  පසුගිය මැයි මාසයේදීය.
 
ඔහු  ඇෆ්ගනිස්ථානයේ කාබුල් හි ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිළධාරියා වශයෙන්ද සේවය කර  ඇති අතර    එම සේවා කාලය තුලදී ගුවන් මෙහෙයුම් 1,000 කට වඩා සිදුකර ඇතැයිද අමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශය  සඳහන් කරයි.

 

 එරට නාවික හමුදා  අපරාධ විමර්ශන අංශයේ ද සහය ඇතිව මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙන බවද  ආරක්ෂක අංශ පවසයි.

(36698)